ශ්‍රී ලංකා අභිලේඛන පැතිකඩ

ප්‍රකාශනය
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් - පළමු වැනි වෙළුම
සෙල්ලිපියේ අංකය
338
ක්ෂේත්‍රය
පෙරිය-පුලියන්කුළම
කාලපරිච්ඡේදය
ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස
භාෂාව
සිංහල ප්‍රාකෘත
අක්ෂරමාලාව
පූර්ව බ්‍රාහ්මි
ස්පර්ශ ලාංඡන පිටපත
අක්ෂර පරිවර්තනය

[1] රඣ-නග-ඣිත-උති-ඣයඅබි-අනුරදි ච රඣ-උති ච කරපිට ශ‌ෙ ඉම ලෙණ‌ චතු-දිශශ ශගය අගත්-අගතන පශු-විහරයෙ අපරිමිත-ලොකදතුය ශතන ශිත-ශුකයෙ.

 

 

පරිවර්තනය

අනාගත සැප පහසුව පිණිස සහ සක්වල සියලු සත්ත්වයින්ගේ හිතසුව පිණිස, නාග රජුගේ දියණිය වන උත්තිය රජුගේ භාර්යාව වන (අබි)අනුරාධි කුමරිය ද උත්තිය රජු ද කරවූ මෙම ලෙණ‌ සතරදෙස සංඝයාට. 

පාද සටහන්
3.

මෙම ලේඛනය ඇතුළත් වාක්‍ය හා එහි ඇති ඇතැම් වචන වල ව්‍යාකරණ නිර්මාණය කිරීම සදහා, හැදින්වීම බලන්න, පිටු අංක xliv, § 78  

හොඳ දත්ත පද්ධතියක් සාදා ගැනීමට දායක වන්න
මෙම අභිලේඛනය පිළිබඳ සදොස් තැනක්, යාවත්කාලීන කිරීමක් හෝ යෝජනායක් ඇත් නම් අප හට දැනුම් දෙන්න.