ශ්‍රී ලංකා අභිලේඛන පැතිකඩ

ප්‍රකාශනය
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් - පළමු වැනි වෙළුම
සෙල්ලිපියේ අංකය
486
ක්ෂේත්‍රය
කලිඕඩෙ
කාලපරිච්ඡේදය
ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස
භාෂාව
සිංහල ප්‍රාකෘත
අක්ෂරමාලාව
පූර්ව බ්‍රාහ්මි
ස්පර්ශ ලාංඡන පිටපත
ස්පර්ශ ලාංඡන නැත
අක්ෂර පරිවර්තනය

[3] ගපති-පුත තිශ-පුතන දො-බතිකන ලෙණ‌ෙ ගොතම නම සමණ‌ෙ කරපිතෙ 

පරිවර්තනය

ගෘහපති තිස්සගේ පුතුන් වන දෙසොහොයුරන්ගේ ලෙණ‌. ගොතම තෙරුණ් විසින් කරවන ලද්දා වූ. 

පාද සටහන්
3.

ගපති පුත යන්න පාලියෙහි දැක්වෙන ගහපති පුත්ත යන්නට සමාන වේ, ජාතක, පාඨය, VI  වන වෙළුම, පිටු. 378 බලන්න. කම්මාර පුත්ත වැනි සංයුක්ත නාමයන්ගේ පුත්ත යන වචනයෙන් විශේෂ අර්ථයක් නොහැඟවේ

4.

ලෙණෙ යන්නට පසුව කියවීම තරමක් සැකසහිතය. එම නිසා එම කොටසේ පරිවර්තනය තාවකාලික එකක් පමණි.  

හොඳ දත්ත පද්ධතියක් සාදා ගැනීමට දායක වන්න
මෙම අභිලේඛනය පිළිබඳ සදොස් තැනක්, යාවත්කාලීන කිරීමක් හෝ යෝජනායක් ඇත් නම් අප හට දැනුම් දෙන්න.